ඔබත් බලාපොරොත්තු වන්නේ නිරෝගී දරු උපතක්ද?

සුන්දර මනාලියක් වී නිවසින් පිටත්ව යන ඕනෑම යුවතියකගේ ඊළඟ සුබ සිහිනය වන්නේ අලුත් කැදැල්ලේ ජීවත්වීමයි. එවන් අවස්ථාවක අලුත් බිලිදෙක් යනු සතුට දෙගුණ තෙගුණ වන මොහොතකි.මව් පදවිය යනු හුදෙක් වගකීම් වලින් පමණක් වට වූ දෙයක් නොවේ. ආදරය සෙනෙහස කැටිකරගත් අපූර්වතම දායාදයකි. දරුවෙකු පිළිසිඳ ගැනීමෙන් පසු විවිධ අපහසුතා මැද වුවද දවසින් දවස අලුත් වන බලාපොරොත්තු සමඟ දසමසක් තම බිලිදා කුස තුළ දරා සිටින ඕනෑම මවකගේ එකම බලාපොරොත්තුව වනුයේ නිරෝගී දරුවෙකු මෙලොවට බිහිකිරීමයි. නීරෝගී පිරිපුන් දරුවෙකු බිහිකිරීමේ සම්පුර්ණ වගකීම මව සතු වන්නක් ලෙස කිවහොත් නිවැරදියි. ඒ කෙලසද කිවහොත් මවගේ ගර්භාෂය තුළ වැඩෙන කළලය එහි වර්ධනයට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථ මෙන්ම ඔක්සිජන් හා ලෙඩ රෝග වලින් ආරක්ෂා විමට අවශ්‍ය ප්‍රතිශ්‍ක්තිය ලබා දෙන සංගටක ලබාගන්නේ මවගේ රුධිරය හරහාය. ඒ අනුව දරුවාගේ වර්ධනය, සෞඛ්‍ය යන සියල්ල රදා පවතිනුගේ මවගේ පෝෂණය මතයි. එම නිසා සෑම මවක්ම තම ගර්භණී සමයේ පෝෂණය පිළිබඳව එනම් තමන් ගන්නා ආහාර පාන පිළිබඳව විගශ්‍ේෂ අවධානයක් ගයොමු කළ යුතුයි.

ගර්භණී සමගේ මුල් මාස කිහිපය තුළ බොහොමයක් මව්වරුන්ට ඇතිවන ප්‍රධානතම ගැටලුව වන්නේ ඔක්කාරයහා වමනය සමඟ ඇතිවන ආහාර අරුචියයි. මේ නිසා ඔවුන් බොහෝ විට ආහාර නොගෙන සිටීමට පෙළබේ. එය ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයට මෙන්ම පසුකාලීනව වර්ධනයවන කළලයටද බලපෑ හැකි බැවින් පවුලේ අනෙක් සාමාජිකයන්ගේ වගකීම වනුයේ ඇය කැමති ආහාර පාන ලබාදීම, කෑම රුචිය ඇතිවන පරිදි ආහාර පිලියල කරදීම හා ඇයව ආහාර ගැනීමට පෙළබවීමයි. එසේම මෙම කාලසීමාව තුළ මවගේ පෝෂණ අවශ්‍යයතාවයන් ඉහළ යයි. එයට හේතුව වන්නේ සිරුර තුළ ඇතිවන හෝමෝන සහ පරිවෘත්තීය ක්‍රියාවල සිදුවන වෙනස්වීමයි. එම නිසා මව සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර රටාවකට හුරුවිය යුතුය. එහිදී ආහාරවල අඩංගු පෝෂක කොටස් පිළිබඳව යම්තරමක හෝ අවබෝධයක් තිබීම වඩා වැදගත් වේ.

මෙම කාලය තුළ ප්‍රෝටීන බහුල ආහාර වැඩියෙන් ලබාගැනීමෙන් දරුවාගේ වර්ධනය හා මවගේ ගර්භාෂගේ මෙන්ම පියයුරුවල වර්ධනයද මනාව පවත්වා ගත හැකිය.ප්‍රෝටීන බහුල ආහාර ලෙස මස්, මාළු, කිරි, බිත්තර, රනිල බෝග (කව්පි, කඩල, මුං) හදුන්වා දිය හැකිය. මාළු යනු හුදෙක් ප්‍රෝටීන ප්‍රභවයක් පමණක් නොවේ. එහි අඩංගු ඇතම් පෝෂක කොටස් (අත්‍යවශ්‍ය මේද අම්ල ) දරුවාගේ මොළයේ වර්ධනයට, නව පටක වර්ධනයට අයවශ්‍ය වේ. ඊට අමතරව අසන්තෘප්ත දිගු මේද අම්ල අඩංගු ආහාර දරුවාගේ ස්නායු වර්ධනයට දායක වේ. මාළු, සූරියකාන්ත තෙල්, සෝයා තෙල් ආදියෙහි ඉහතින් සදහන් කළ මේද අම්ල අන්තර්ගත වේ. එමෙන්ම මෙම සමයේදී ඇතිවන හෝමෝන වෙනස්වීමත් සමගම දියවැඩියා තත්වයක් ඇතිවීමේ අවධානම ඉහළ යයි. එය පසුකාලීනව දරුවාගේ සෞඛ්‍ය තත්ත්වයටද බලපෑ හැකි බැවින් ආහාර පාන ගැනීමෙදී සැලකිලිමත් වීමත් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමත් වඩා වැදගත් වේ.

ඇතැම් විටමින් සහ ඛනිජ ලවණවල අවශ්‍යතාවයද මෙම කාලය තුළ ඉහළ යයි.එලවළු, පළතුරු සහ පලා වැඩි වශයෙන් ආහාරයට එක්කර ගැනීමෙන් එම අවශ්‍යතාවය සම්පුර්ණ කරගත හැකිය.මූලික වශයෙන් විටමින් A දරුවාගේ වර්ධනයට දායක වේ.ඒ අනුව කිරි,බිත්තර,කහ පැහැති එලවළු සහ පළතුරු ආහාරයට එකතු කර ගැනීමට අමතක නොකළ යුතුය.ඊට අමතරව යකඩ යනු ගර්භනී මවකට ඉතා වැදගත් අත්‍යවශ්‍ය පෝෂක සංගටකයකි.මව විසින් පරිභෝජනය කරන ආහාර වල අඩංගු යකඩ ප්‍රමාණය කළලයේ වර්ධනයට පමණක් නොවේ දරුවා ඉපදීමෙන් පසුවද මාස හයක් පමණ යනතුරු දරුවාගේ වර්ධනයට වැදගත් වේ.ඊට අමතරව මොළයේ වර්ධනයටද, කාර්යක්ෂම රුධිර පරිවහනයටද දායක වේ.ප්‍රමාණවත් තරම් යකඩ නොලැබීම නිසා නීරක්තිය හෙවත් රක්තහීනතාවය නම් රෝගයට ගොදුරු විය හැකිය.මස්, මාළු, මාංශබෝග සහ තද කොළ පැහැ එලවළු ආදියේ යකඩ අඩංගු වන අතර සත්වමය ආහාර වල අඩංගු යකඩ පහසුවෙන් සිරුරට අවශෝෂණය කරගත හැකිය.

ප්‍රෝටීන හා යකඩ ලබා ගැනීමට ශාකමය ආහාර වලට වඩා සත්වමය ආහාර වඩාත් සුදුසු වේ.නමුත් ඇතැම් මව්වරු ශාකමය ආහාර පමණක් ලබා ගැනීමට පුරුදු වී ඇත.එවන් අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමට තරයේ සිතේ තබා ගත යුතුය.

පෝෂණයට අමතරව තවත් ඔබ දැනුවත් විය යුතු කරුණු රාශියකි.මාතෘ සායනය යනු මවගේ සහ දරුවාගේ යන දෙදෙනාගේම නිරෝගී බව උදෙසා වැදගත්වන්නකි.මසක් පාසා නියමිත දිනයට ඒ සදහා සහභාගී වීම අනිවාර්ය දෙයකි.එහිදී ලබාදෙන ඖෂධ නිවැරදිව භාවිතයත් වෛද්‍ය උපදෙස් පිළිපැදීමත් මනාව කළ යුත්තකි.එමෙන්ම සායන වලදී ලබාදෙන ත්‍රිපෝෂ අනුභව කිරිමට බොහොමයක් මව්වරු මැලිකමක් දක්වති.නමුදු එහි අඩංගු බොහොමයක් පෝෂක කොටස් දරු ගැබ වර්ධනයට වැදගත් වේ.එම නිසා ඒ පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.එමෙන්ම වෛද්‍ය උපදෙස් වලින් තොරව ඖෂධ ලබා නොගත යුතුය.

කායික මානසික ගමන්ම සමාජීය සෞඛ්‍ය මනාව පවත්වා ගැනීම ගර්භනී සමගේ අනිවාර්ගයන්ම කළ යුත්තක් වන අතර එය නිරෝගී දරු උපතකට ඉවහල් වන්නකි. මෙලස කටයුතු කිරීගමන් දරු ප්‍රසුතියට පෙර හා පසු අවස්ථාවලදී ඇතිවන බොහොමයක් අපසුතා /ගැටළු මග රවා ගැනීමට හැකිවනු නියතය.

Translate »