බෝ නොවන රෝග නැසීමේ මහඟු ගුණ ඇති ඉඟුරු

n1

‘ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ’ යන ජනප්‍රවාද පිරුළ  ‘ඉඟුරු දීලා නම් මිරිස් ගන්න  එපා’ යනුවෙන් වෙනස් කළ යුතු යැයි ඔබ මෙම ලිපිය කියවීමෙන් පසු සිතනු නොඅනුමානය. එයට හේතුව වනුයේ එතරම්ම ඉඟුරු සතුව පවතින මහඟු  ඖෂධීය ගුණයයි. පෙරදිග සංස්කෘතියෙන්  පෝෂණය වූ ඉතා නීරෝගී අහාර සිරිත් පවතින අප , අහාර රසවත් කිරීමත් , පාන වර්ග වල  රසය වැඩි කිරිමත් මුළුතැන්ගෙයි සුලභව ඉඟුරු යොදා ගනු ලැබේ.

Zingiber officinale   යන  විද්‍යායාත්මක නාමය  සතු  ඉඟුරු භූගත කඳක්  සහිත රයිසෝමය කාණ්ඩයට අයත් පඳුරු ශාකයකි. අසියාතික රටවල බහුලව  වගා කරනු ලබන මෙම ඉඟුරු , අමු  ඉඟුරු, වියළි ඉඟුරු සහ  ඉඟුරු කුඩු  ලෙස භාවිතයට ගනු ලැබේ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන , මේදය , තන්තු , සීනි , විටමින් , සහ  ඛණිජ ලවණ යන පෝෂ්‍ය පදාර්ථ ඉඟුරු තුළ අඩංගු වේ. මීට අමතරව  ඉඟුරු සතු ආවේණික රසයට සහ ගන්ධයට අදාළ රසායනික  සංයෝග ද පවතී. ඉඟුරු සතු ඖෂධීය ගුණයට මේ සියලු සංයෝග  දායක වේ.  මෙම ලිපිය මඟින්  ඉඟුරු වල පවතින ඒ සුවිශේෂී  ඖෂධීය ගුණය පිළිකා රෝග , ආතරයිටිස් රෝග සහ හෘද රෝග නැසීමට ඉවහල් වන අයුරු සාකච්ඡා කෙරේ.

n2

පිළිකා නැසීමේ මහඟු ගුණය

වර්තමානයේ බොහෝ රටවල උද්ගත වී පවතින බෝ නොවන රෝග අතර ප්‍රධාන තැනක්  පිළිකා රෝග  වලට  හිමි වී ඇත. එය මර්ධනය කළ හැකි විවිධ ඖෂධ සොයා ගැනීම් අද ලොව පුරා ප්‍රචලිතව සිදු කරයි.  පිළිකා මර්ධනයට යොදා ගන්නා ඖෂධ “කීමොතෙරපි (chemotherapy)’’ඖෂධ ලෙස  හඳුන්වනු ලබන අතර එයට පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවද පවතී. ඉඟුරු මගින්  පිළිකා සෛල මර්ධනය කිරීමේ හැකියාව  පිළිකා මර්ධන ඖෂධ වලට වඩා වැඩි බව නවතම සොයා ගැනීම් වලින් තහවුරු කර ඇත. එමෙන්ම  පිළිකා සෛල වටා පවතින අනෙකුත් සෛල විනාශ නොකර  පිළිකා සෛල පමණක් විනාශ කිරීමේ සුවිශේෂ හැකියාවද ඉඟුරු සතු වේ. ප්‍රධාන ලෙස ආන්ත්‍රික පිළිකා , පුරස්ථ ග්‍රන්ථි පිළිකා , පියයුරු පිළිකා මෙන්ම පෙනහලු , චර්ම , වකුගඩු සහ අග්නශයික  පිළිකා මර්ධනට ඉඟුරු ඉවහල් වන බව අනාවරණය වී පවතී.

n3

ආතරයිටිස් රෝගයටත් කදිම ඔසුවකි.

ඉඟුරු සතු ‘ජින්ජර්රොල් (gingerol) ’ යන ප්‍රතිදාහක සංයෝගය ශරීරය තුළ ප්‍රතිදාහක නිපදවීම මර්ධනය කරනු ලැබේ. එය හන්දිපත් ආතරයිටිස්  (osteo arthritis) සහ රූමටික් ආතරයිටිස් (Rheamatoid arthritis) රෝග වලට හේතු වන රසායනික ද්‍රව්‍ය නිපදවීම හා  ස්‍රාවය කිරීම මර්ධනය කරනු ලැබේ. තවද එම රෝගයට ගොදුරු වූවන්ගේ හන්දිපත් වේදනාව සමනය කිරිමට ද ඉඟුරු සතු සංයෝග වලින් හැකි බව නව සොයා ගැනීම් වලින් තහවුරු කර ඇත.

ඉඟුරු ඔබේ හදවත ද සුවපත් කරයි.

අද ලොව පුරා මිනිසුන් සියයට 31ක ප්‍රමාණයක් වසරක් තුළදී හෘදරෝග වලින් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) මගින් අනාවරණය කර ඇත. අප ගන්නා ආහාරපාන මෙම හෘද රෝග සඳහා  ඍජු අවදානම්  සාධකයක් වී ඇත. නමුදු ඉඟුරු සතු ශරීරයේ කොලෙස්ටෙරෝල් මට්ටම අඩු කිරීමේ හැකියාව  හෘද රෝග මර්ධනය කිරීමටත් හදවත සුවපත්  කිරීමටත් දායක වේ. තවද  රුධිර නාල තුළ රුධිරය කැටි ගැසීමේ හැකියාව ද අඩු කරනු ලැබේ. මෙමගින් රුධිර නාලිකා සහ රුධිර නාල අවහිර වීම් අවම කර , හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරන අතර , එමගින් ඇතිවිය හැකි අඝාතය, අංශභාගය වැනි රෝග ඇති විමේ හැකියාව ද තුරන් කරයි.

ඉඟුරු රෝගයන්ට පමණක් නොව රෝගයේ මූලයටද ප්‍රතිකාර කරනු ලබයි. එබැවින් මෙම රෝග ඇතිවීමට පෙරද වළක්වා ගැනීමේ අවස්ථාවක් අප හට උදාකර දී ඇත.  එබැවින් මෙබඳු මහඟු ගුණ ඇති ඉඟුරු නියමිත  ප්‍රමාණයෙන් ආහාර පාන වලට එක්කර ගැනීමෙන් ඔබේ දිවියේ නිරෝගිකම රැකගැනීමටත් වර්ධනය කරගැනීමටත් උත්සුකුව කටයුතු කරන්න.

Rate this Article 1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 5.00 out of 5)

Loading...

Translate »